දරුවන් ප්‍රතිනිර්මාණය කිරීමේදී
ලාංකේය වෙළඳ දැන්වීම් දරුවා අපරාධකරුවෙකු බවට පත් කරයිද?
ශ්‍රී ලංකා ළමාරක්ෂක අධිකාරයේ හා ළමා හා කාන්තා
කාර්යංශයට අනුව ළමයා යනු,මවුපියන්ගෙන්
යැපෙන වයස අවරුදු 18ට අඩු පිරිසයි.නමුත් මෙය ජිවව්ද්‍යාත්මකව වෙනස් විය හැකිය.ඒ
අනුව,
ළදරු
පුර්ව ළමාවිය- අවු:4-5
ළමයා - අවු:6-12
නව යොවුන් දරුවා - අවූ:13-18
මාධ්‍යවේදිනී ටාසි විට්ටච්චි මහත්මියට
අනුව,”රුපවාහිනී බලය රූපය මත 60%ක් ද ශබ්දය මත 40%ක් ද රැදී පවතී.මේ නිසා ඉන් ලබා
දෙන පණිවිඩය ඉතා බලවත් වේ.එබැවින්,දැන්වීම
කලාව ‘ජනතාව පෙළඹවීම්’කලාවක්
ලෙස අර්ථ දැක්විය හැකි අතර සමහර අයෙකු මෙය ‘ගොරක දඩමස් කිරීමේ කලාව’ ලෙසද
හදුන්වයි.”
වර්තමාන වාණිජ අර්තක්‍රමය යටතේ එකිනෙක අභිභවා තම
නිෂ්පාදන,භාණ්ඩ,සේවා පෙරමුණට
පැමිණවීමට සහය කරගනු ලබන්නේ වෙළද දැන්වීම් කලාවයි.නමුත් අද වනවිට මෙය කලාවකට වඩා
ව්‍යාපාරයක් බවට පත්වී ඇත.
“කවර හෝ විකුණන දෙයක් පුද්ගලික හෝ
පුද්ගලික නොවන හෝ ඉදිරිපත් කරනු ලබන හා වර්ධනය කරනු ලබන අදහස් මඟින් ද්‍රව්‍ය හෝ
සේවාවක් අනුග්‍රාහකයින්ට හඳුන්වා දෙන මාධ්‍ය දැන්වීම් කලාව වේ.”
“විකුණුම් ලබා ගැනීමේ හා ප්‍රසිද්දිය
ලබා ගැනීමේ මාර්ගයයි.” (ඔක්ස්වර්ඩ් ශබ්දකෝශය)
දැන්වීමක් යන්න අපට මෙසේ අර්ථකථනය කල හැකිය.
දැන්වීමක් තුලින් කලාවට එහා ගියා වූ අධ්‍යාපනික,සාමජිය,ආර්ථික වශයෙන්
වැදගත් වූ අන්තර්ගතයන් හා පණිවිඩ ලබා දිය යුතුය.නමුත් වත්මන් දැන්වීම් තුලින් පාරිභෝගිකයා
මුලාවට පත් කිරීමක් සිදු වේ.වෙළද දැන්වීමක් සෑම විටම සත්‍ය හෙළිකළ යුතුය.එය
යම්කිසි ප්‍රමිතියකට අනුව සකස් විය යුතුය.නමුත් අද එවැන්නක් දැකගැනීමට නොහැකි වීම
කනස්සල්ලට හේතුවකි.
අද රූපවාහිනී,ගුවන්විදුලි,හෝ පුවත්පත්
වේවා මේ සෑම මාධ්‍යකම පලවන බොහෝ රෙදි සේදුම් කුඩු දැන්වීම් තුලින් අදුම්වල ඇති
ඕනෑම පැල්ලමක් නැති කිරීමට හැකියාව ඇති බව පැවසීමත්(surf excel,sunlight,diva)සම
පැහැපත් වීමට ඇති ආලේපන දැන්වීම්(fair&lovely,misumi.chndanaalepa,ponds)මගින්
දින 7,10,21 ආදී
වශයෙන් සම පැහැපත් වනබව පැවසීමත් තුලින්
පාරිභෝගිකයා සුක්ෂම ආකාරයට ගොනාට අන්දවා ඇත.
මෙවැනි වටපිටාවක් යටතේ දරුවා වෙළද දැන්වීම් වලින් නොමග යෑම වලක්වා ගත
නොහැකි තත්වයකට පත්ව ඇත.තවද අද වනවිට වෙළද දැන්වීම් සදහා ළමුන් යොදා ගැනීම රැල්ලක්
බවට පත් වී ඇත.ආසියානු රටක් වන ශ්‍රීලංකාවේ ප්‍රභෝගිකයන් වඩාත් සංවේදී මෙන්ම
භාවාතිශය වේ.මව,පියා,පවුල,දරුවන් යන භාවාතිශය
කරුණු තුලින් පාරිභෝගිකයා කොටු කර ගැනීමට වත්මන් වෙළද දැන්වීම් පෙළඹි ඇත.ආචාර ධර්ම
අතික්‍රමනය කරමින් අද දරුවන් වෙළද දැන්වීම් සදහා යොදා ගැනීම සිදු කරන්නේ හුදෙක්
ලාබ පරමාර්ථයෙන් පමණි.
ළමයා යනු බොරු ආටෝප සාටෝප වලින් මනස දුෂණය නොවූ
හරි වැරැද්ද තෝරා බේරා ගැනීමට නොහැකි පිරිසකි.ඔවුන් හට විචක්ෂණ බුද්ධියක් නොමැති
වීමෙන් මනස මගින් ඕනෑම දෙයක් ග්‍රහණය කරගම්නිමට ඇති ඉඩකඩ වැඩිය.එබැවින් ආකර්ශනියව
නිර්මාණය වන මුසාවාද වෙළද දැන්වීම්වලට කුඩා දරුවා නිතැතින්ම ආකර්ශනය වේ.
බොහෝ ළමා කිරිපිටි දැන්වීම් වල කට වටේ කිරි ගා
ගෙන කිරි වීදුරුව පානය කිරීම(anchor,milo) අද
සුලබව දැන්වීම තුලින් දැකගත හැකිය.ලාංකේය සංස්කෘතිය අනුව අප ආහාර පාන ගන්නා විට
තලු නොමරා,කට වටේ
දෑත් පුරා නොගාගෙන පිරිසුදුව පිළිවෙලට ආහාරය ගත යුතුය. නමුත් මෙවැනි දැන්වීම්
තුලින් කුඩා දරුවගේ මනස තුලට ආහාර ගැනීමේ නරක පුරුද්දක් හොද පුරුද්දක් ලෙස සංජානනය
කරයි.මෙම දැන්වීම නරඹන කුඩා දරුවා සිතන්නේ, ‘මමත්
මේ විදියට කට වටේ කිරි ගාගෙන කිරි බොන්න ඕනි එතකොට මේ වගේ මටත් ජිවිතේ ජය ගන්න
පුළුවන් වේවි.’යනුවෙනි.විශේෂයෙන් මෙම දැන්වීම් හුදෙක් දැන්වීම් ලෙසට හදුනා ගැනීමට
නොහැකි තරමට දීර්ඝ වන අතර කෙටි චිත්‍රපටයක් නැරඹනවා හා සමානව එම දැන්වීම් නැරඹීමට අවස්තාව
හිමිවේ.
අද මාධ්‍ය කුඩා දරුවන් පිළිබද දක්වන හැසිරීම අශෝබනසහගත
වේ.මන්ද කුඩා දරුවෙක් වැරද්දක් කර හසු වූ විට ඔහු හෝ ඇය මුළු මහත් සාමාජයක්, රටක්
ඉදිරියේ ඔවුන් අපරදකරුවන් වැරදිකරුවන් බවට පත් කරන්නේ කිසිදු වගවිභාගයකින්
තොරවය.මේ සදහා මෑතකාලයේ සිදු වූ සේයා දියණියගේ ඝාතන සිදු වීමේදී මාධ්‍ය ක්‍රියාකළ
ආකාරය නිදසුන් ලෙස ඉදිරිපත් කල හැකිය.සැබෑ අපරාධකරුවන් වුවත් නොවුවත් මාධ්‍ය ඔවුන්
අපරාධකරුවන් කරන්නේ ඇසිපිය හෙලන ක්ෂනයෙන්ය.පසුගිය දිනක මෙරට ඇති වූ පාස්කු ඉරුදින
ප්‍රහාරයේ මහා මොලකරුගේ දියණිය බෙරා ගෙන රෝහල්ගත කිරීම හා ඉන්පසු සිදුවීම් වලදී
මාධ්‍ය ඇය වසන් නොකර එළිපිට ලෝකයටම පෙන්නවා ඇයගේ අනාගතයට මහා විශාල කැළලක් එල්ල කල
බව අපට නොපෙනන සත්‍යකි.එවන් හැසිරීමක් ඇති මාධ්‍ය වෙළද දැන්වීම් තුලින් කුඩා
දරුවන්ගේ මනස විකෘති නොකරයි සිතිය නොහැකිය.
දරුවන් දෙමාපියන්ගේ රැකවරණය යටතේ හැදී
වැඩේ.දරුවන් දැන්වීම්වලට යොදවා ඔවුන්ගෙන් මුදල් උපාය ගැනීම සදහා දරුවන් බිල්ලට
දෙන්නේ දෙමාපියන්ම නොවේද?ඒ සදහා
හොදටම නිදසුනක් පසුගිය දිනක අපට දැකගත හැකි විය.අක්ෂා චමුදි නම් කුඩා දියණියක වයසට
නොගැලපෙන දේ සිදු කළේ දෙමාපිය අනුදැනුම ඇතිව නොවේද?දියණියගේ දක්ෂතාවය විකුණා කන්නේ දෙමාපියන්ම නොවේද?
වෙළද දැන්වීම් ආචාරධර්ම වලට අනුව ළමයෙකුගේ මුවින්
වෙළද භාණ්ඩයක් නමක් පවා ප්‍රචාරය කිරීමට නොහැකිය.අචාරධර්ම බල්ලාට දමා අද නිර්මාණය
කරන වෙළද දැන්වීම් තුලින් ළමයා වෙළද භාණ්ඩයක් බවට පත් කර ඇත.මේ පිලිබදව යුනෙස්කෝ
සංවිධානය අදහස් ප්‍රකාශ කලද ඒවා ක්‍රියාත්මක නොවීම විෂ්මසහගතය.දරුවෙකුගේ මුවින්
වෙළද සන්නාමයක නමක් ප්‍රචාරය කිරීම ආචාරධර්ම විරෝධී වුවද unliever,anchor,nestle,maliban(mom me &
milo,prima stella)ආදී දැන්වීම් තුලින් එය අමු අමුවේ
උල්ලංඝනය කරන ආකාරය අපට දැකගත හැකිය.නමුත් කිසිවෙකුටත් එය වැලක්වීමට හෝ එයට
විරුද්ධ වීමට හැකියාවක් නැති වීම දරුවන්ගේ අභාග්‍යකි.මෙම භාණ්ඩ තුල ඇත්තේ කෘතීම
රසකාරක ඇති ශරීර සෞඛ්‍යට අහිතකර දේය.එබදු අහිතකර නීතිවිරෝධී ප්‍රභෝජනයට නුසුදුසු
ආහාර පිළිබද හයක් හතරක් නොදත් දරුවෙකුගේ මුවින්ම පරිභෝජනයට සුදුසු බව පැවසීම ඒ
දරුවන් සහමුලින්ම අපරදකරුවන් බවට පත්කිරීමකි.
ටිකිරි ටිකිරි ට්කිරි ලියා
වේදිකාව උඩට ගිය
කවිය මතක නැතුව ගියා
ටිකිරි නිසා හොදට ගියා
මෙය මන්චි බිස්කට් ආයතන
වෙලදන්විමකි.දැන්වීම අවසන් වන්නේ,කොහොමද ටිකිරි මොලේ?යනුවෙන් සදහන් කරමිනි.ටිකිරි
මාරි බිස්කට් එකක් පෙන්නවමින් දරුවා පවසන කවිය වෙනස් කර ගැයීමට සලස්වයි.මේ දැන්වීම
දකින කුඩා දරුවන්ගේ සිත් තුල අත්වන්නේ,මටත්
මොනාවත් අමතක නොවෙන්න මාරි කන්න ඕනි.යනුවෙනි.නොදැනුවත්ව දැන්වීමේ සිටින කුඩා දරුවා
මුළුමහත් සමාජයේම දරුවන් වැරදි මාර්ගයට යොමු කරන්නේ පාඩම් නොකර ටිකිරි මාරි ආහාරයට
ගැනීමෙන් ජිවතය ජයගත හැකි වේ යන පණිවිඩය ලබා දෙමිනි.නොදැනුවත්ව ඒ නොදරුවා
අපරදකරුවෙක් නොවන්නේද?
මන්චි ලෙමන් පෆ් වෙළද දැන්වීමේ අලුත් සර් පංති
කාමරයට එන විට දරුවන් සියලු දෙනා දන ගස්වා තබයි.විදුහල්පති පැමිණ “නැහැදිච්ච ළමයි”
යනුවෙන් ඒ නොදරුවන් අපරදකරුවන්, නොමන දරුවන්,නැහැදිච්ච හොරුන් බවට පත් කරයි.
මාමයිට් වෙළද දැන්වීමේ කුඩා දරුවෙක් මගින්
සංස්කෘතිය අතික්‍රමනය කිරීමට සමාජයට අවසර ලබා දේ.ඉංග්‍රීසි නම් වලට සිංහල නම් මිශ්‍ර
කිරීම(ප්‍රින්ස් කුමාර)ජාතික ඇදුමට ඉන්දියානු සම්ප්‍රදාය මිශ්‍ර කිරීම ආදී කරුණු
කිරීමට දෙපාරක් නොසිතුව සේම ලාංකිකයන් වශයෙන් freelankanවීමටත්
මාමයිට් සමග ආහාර මිශ්‍ර කිරීමට දෙවරක් නොසිතන්නට ඒ දැන්වීම කුඩා දරුවන් පමණක් නොව
වැඩිහිටි පිරිස්ද පොලඹවයි.සංස්කෘතිය කපිට හැරවීමට මුළු සමාජයටම අනුබල දෙන ඒ නොදර්වුඅ
සමාජය ඉදරියේ අපරාදකරුවෙකු නොවන්නේද?
ඇන්කර් pediapro
වෙළද දැන්වීම වයස අවුරුදු 5 ට අඩු දරුවන් යොදා
ගෙන ඇත.එහි එක දියණියක් තම මවගෙන් අසෙන්නේ, ‘අම්මේ රෑට ගොනිබායියා එනවනම් එය නිදා
ගන්නේ කොඉ වෙලාවටද?’
යන්වෙනි.කුඩා දරුවන් තුල ගෝනිබායියාට ඇති බිය මෙමගින් නැති කර දමන්නේය.තවත්
දරුවෙක් තම පියාට මෙසේ පවසයි.’තාත්තේ ඉක්මනට ලොකු වෙන්නේ අන්තිම කට කෑවමනම් මම ඒක
විතරක් කන්නද?’pediapro කිරිපිටි
පානය කිරීමෙන් දරුවන් මෙවැනි බුද්දිමත් පැනයන් අසන බව දැන්වීමේ හරය වුවද එමගින්
බුද්දිමත් බව පරයා නොදරුවන් වංචාකාරයන් බවට පහසුවෙන් පත් කරයි.ජිව්තයට එන ප්‍රශ්න
වලින් පහසුවෙන් වංචා කර පැනයාමට මෙමගින් දරවන් තුල පෙළඹවීමක් ඇති කරයි.
commercial credit වෙළද
දැන්වීම (තාත්තේ ලොකු වැඩක් ද?) මගින් තම පියාට උපදෙස් දීමට හැකියවෙන් යුත්
දියණියක් මවා දක්වයි.තම දෙමාපියන් මරාදමන වාතාවරණයක් රට තුල නිර්මාණය වී ඇත්තේ
මෙවැනි වෙළද දැන්වීම් හරහාය.
මහින්ද රාජපක්ෂ මහතාගේ වෙළද දැන්වීම තුල කුඩා
දරුවන් දේශපාලනික වංචනිකයන් බවට පත් කරයි.’සුබ නවවසරක පැතුම අපි’පුංචි අපේ
සෙනෙහස ඔබටයි.’යනුවෙන් කුඩා දරුවන් දේශපාලනික අතකොලු බවට පත් කිරීමට මෙම දැන්වීම
ප්‍රචාරය වන්නේ,දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීමට හයහතර නොදත් දරුවන්
යොදාගනිමිනි.ඉතා සංවේදී දරුදුක හදුනන පියෙකු ලෙස මහින්ද රාජපක්ෂ මේ දැන්වීම තුලින්
සමාජයට ප්‍රදර්ශනය කලද දැන්වීමේ පෙනී සිටි නොදරුවන්ගේ අනගතයට සිදු කරන කැළල,ඔවුන්
දේශපාලනික නියෝජිතයන් කිරීම ඔබටත් මටත් පැහැදිලිව පෙනුනත් නොදැක්කා සේ කරබාගැනීමට
සිදු වන සිදුවීමකි.
ජාතික අක්ෂිදාන සංගමයෙන් නිර්මාණය කර ඇති අති
සංවේදී වූ ‘ඔබ බලා අවසන් වී දෙනෙත් පරිත්‍යාග කරන තෙක් ට්ව කෙනක් බලන්
සිටි.’දැන්වීම අන්ධ දරුවෙකු යොදා ගනිමින් ඒ කුඩා දරුවා දෙනෙත් ඉල්ලා සිගමන් යදින
තත්වයට පත් කර ඇත.ඒ නොදරුවගේ හැගීම්, අවිහින්සකත්වය,සිනහව,අසරණකම
තුරුම්පුවක් ලෙස යොදා ගෙන ඇත.
anchor ‘දවසට
දෙවරක් කිරි බොමු සිරුරට සවියක් අරගමු’වෙළද
දැන්වීම ජනප්‍රිය ගායක ශිල්පින් යුගලක් වන භාතිය හා සන්තුෂ් යොදා ගනිමින් නිර්මාණය
කර ඇත.කුඩා දරුවන් වයසක වැඩිහිට්යන් ලෙසට වෙස් ගන්වා ඔවුන්ට anchor කිරි පානය
කිරීමට දී නැවත දරුවන් බවට පත් කිරීම මෙහි අන්තර්ගතය වේ.දැන්වීමේ ආචාරධර්ම
උල්ලංඝනය කරමිණ කුඩා දරුවෙකුගේ මුවින්,’මාෂපේෂි
වර්ධනයට අස්ථි ශක්තියට තියුණු පෙපෙනිමට කිරි.’ යනුවෙන් පැවසීමට සලස්වා ඇත.මෙම කෘත්‍රිම
කිරි තුල උක්ත කිසිදු ගුණයක් අඩංගු නොවන අතර එය ගුවත් බවත් පෝෂ්‍යදායී බවත් දරුවන්
තුලින් සියලු දරුවන්ට සන්නිවේදනය කිරිමෙන් ඔවුන් අපරදකරුවන් බවට පත් වන්නේ ඉබේම
නොවේද?
ටිකිරිමාරි කෑවොත් පන්තියේ පවෙනියා වීම,මයිලෝ පානය
කලවිට ශක්තිවන්තයෙකු වීම වැනි බොලද හරසුන් උපදේශ ළමා මනස තුල මුල් අද්දවා ඔවුන්
ජිවිතයේ ප්‍රශ්න වලින් පැන යාමට,ප්‍රශ්නවලට කෙටි පීළිතුරු සෙවීමට සමාජයට වංචා
කිරීමට මේ වෙළද දැන්වීම්වලට හැකියාව ඇත.
mango සුදු
නැන්දේ
ඇයි අඹ ගස් උස යන්නේ
උස කීයද මනිනකොටයි
අඹයක් බිම වැටුණේ
nestle අඹ
යෝගට් වෙළද දැන්වීමේ දරුවන් කෙලිකවකට්කම් ලෙසින් සිදු කරන ගස් නැගීම ප්‍රයෝජනයට
ගනිමින් ඔවුන් වංචනිකයන් කර ඇත.අඹ ගසකට නැග අඹ කඩන විට අඹ ගසේ අයිතිකාරිය
පැමිණේ.ඇයට බොරු කියා ඇයව මුල කිරීමට දරුවන් පෙඹවෙන ආකාරය මෙහි අන්තර්ගතය වේ.මින්
දරුවන්ට බොරු කියා දේවල් අත්පත් කරගැනීමට කියදෙන්නේය.
clogard වෙළද
දැන්වීම කුඩා දරුවෙකු ව්‍යාපාරිකයෙකු කොට වංචාවෙන් පාරිභෝගිකයන් මුල කර වෙලදාම්
කිරමට යොමු කරවයි.අත්තම්මාම,
‘පුංචි මුදලාලි,දත්
කුහර වලක්වන එනමලය ශක්තිමත් කරන කට නැවුම් කරන දත් බෙහෙත් එකක් දෙන්නකෝ’යනුවෙන්
මුනුපුරාගෙන් ඉල්ලයි.දරුවා එවිට අසරණ වේ.නමුත් ඔහුගේ පිහිට අම්මා පැමිණේ.’ඇයි දත්
සුදු කරන,මැලියම් අඩු කිරීම යන පහම කරන්නේ clogard’යැයි
පවසා දරුවා ලවා දත්බෙහෙත් ටුයුබය අත්තම්මා අතට ලබා දෙයි.මවගේ අනුදැනුම ඇතිව කුඩා
දරුවන්ට නොගැලපෙන දේ ලබා දීමට තරම් පහත් තත්වයකට සමාජය පත් කිරීමට මෙම දැන්වීම මග
පාදන්නේය.මෙවැනි අවස්ථා වලදී නොදරුවන්ගේ සිනහව, අව්‍යාජ බව,අහිංසකත්වය නොදනිම
විකුණුම් භාණ්ඩ බවට පත් වන්නේය.
මැලිබන් ක්‍රීම් ක්‍රැකර් (පෙත්තා) වෙළද
දැන්වීම,වැඩිහිටි පෙම්වතුන් දෙදෙනෙකු කුඩා දරුවෙකු රවටන ආකාරය මතු කරවයි.පෙත්තා
කතා කරන ආකාරයට එක කුස උපන් සහෝදරියගේ පෙම්වතා කතා කර සහෝදරයාව රවටා ලබාගන්නා සතුට
තීව්‍ර කර ඇත්තේ දරුවාගේ සිනහව වෙළද භාණ්ඩයක් බවට පත් කර තම සහෝදර සහෝදරියන්ගේ
අනියම් පෙම් සබදතවයන්ට අනුබල ලබා දීමට කුඩා දරුවන් පොළඹවමිනි.
මැලිබන් සෙල්ලන් ගෙදරට එන අමුත්තා දැන්වීමේ තම
නැගණිය රවටා බඩජහරිකම ලොකු කර ගන්නා ආදර්ශවත් අයියා කෙනෙකු දක්වයි.අයියාගේ
වංචනිකතත්වයට හසු නොවන නැගණිය ඊට නොදවෙනි මුසාවකින් තම සහෝදරයා පරාජය කරවයි.තම
සහෝදර සහෝදරියන් රැවටීමට කුඩා දරුවන් තුළ පෙඹවීමක් ඇති කර ඔවුන් අපරදකරුවන් බවට
පත්කිරීමට මෙම දැන්වීම මග පාදන්නේය.
මැලිබන් ගෝල්ඩ් මාරි (සයිමන් කිව්වා ) වෙළද
දැන්වීම තම නැගණිය රවටමින් sayman
says ක්‍රීඩාවේ මුවාවෙන් නැගණියගේ මාරි බිස්කට් පැකට්
එකම ආහාරයට ගන්නා අයියාට ඒ ක්‍රීඩාවේ මුවාවෙන්ම නැගණිය අයියාට පාඩමක් උගැන්වීම
දැක්වේ.මෙම වෙළද දැන්වීම ඇසගැටෙන කුඩා දරුවාගේ සිතට බලපෑම්ක් ඇති වන්නේ සහෝදරයා
බොරු කිරීමට ඉඩ ඇති සැමවිටම ඊටත් විශාල මුසාවක් කියා තම සහෝදරයා රැවටිය යුතු
බවය.සහෝදර බැදීම ඇති වෙන හෝ එලෙස ඇති වීමට හැසිරිය යුතු ආකාරයක් මෙමගින් ඉස්මතු
නොවේ.
උක්ත සෑම අවස්ථාවකම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වී
ඇත්තේ වැඩිහිටි අපේගේ ඇස් ඉදිරිපිටමය.පාරිභෝගිකයා වෙළද භාණ්ඩයක් බවට පත්වී ඇති
වත්මන් සමාජයේ දරුවෙකුගේ ආදරය,සිනහව,අව්‍යාජ
හැගීම්, මව් සෙනෙහස ආදී වූ සියල්ලක්ම වෙළද භාණ්ඩ බවට පත් කර ඇත.මෙවැනි දැන්වීම්
වලට තම දරුවන්ට පෙනීසිටීමට ඉඩ සලස්වා ඔවුන්ගේ අනාගතයට අදුරු පැල්ලම් ඇති නොකිරීමට
මවුපියන් වගබලාගත යුතුය.දරුවන් අපරදකරුවන් වීම,වංචනික ක්‍රියාවන්ට මුළු මහත් ළමා
සමාජයටම ආදර්ශයක් වීම අදම වලක්වා ගැනීම අප නොපමාව ක්‍රියාත්මක විය යුත්තේ රටේ
අනාගත පරපුර රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකම වන නිසාවෙනි.