Wednesday, April 10, 2019

Darshana Ruwan Dissanayaka

සංගීතවේදී දර්ශන රුවන් දිසානායක.....

ශ‍්‍රී ලංකාවේ වැව් බැදි අභිමානවත් රාජධානියේ පොළොන්නරුව උණගලා වෙහෙර නම් වූ ඒ ඓතිහාසික සුන්දර ගම්මානයේ අන්ත දුගී දුප්පත් කලාකාමී දෙමාපිය යුවලක් වූ පේ‍්‍රමරත්න දිසානායක හා බිසෝමැණිකේ මාරසිංහ යන දෙමව්පියන්ට දාව උපන් වැඩිමහල් දරුවා වූ මොහු දර්ශන රුවන් දිසානයක නම් විය. කුඩා අවදියේ සිටම ගැයුමට වැයුමට දස්කම් පෑ මේ අභිමානවත් මිනිසා පාසල් අවදියේ සිටම උපරිම දස්කම් පාමින් ඉන්දීය රාගධාරී සංගීතය ද ලාංකේය ජන නාද මාලා සහ ජනශ‍්‍රැති පිළිබද ගවේෂණයක යෙදුනේය. බටහිර සංගීතය හා විශ්ව සංගීතය පිළිබදව වැඩි කියවීමක් හැදෑරීමක් කළ මොහු එයින් නොනැවතී ලෝක ඉතිහාසය ගැඹුරට හදාරමින් ලොව බිහි වූ ඉපැරනි ශිෂ්ටාචාර පිළිබදව ගවේෂණාත්මක හැදෑරීමකට පිවිසියේය. ඔහු එහි උපරිමයම දක්වා ම සොයා තවමත් ගමන් කරමින් සිටියි. සංගීතය ආත්මය කොට ගනිමින් මෙතෙක් ඔහු සංගීත දිවියේ පැමිණි ගමන් මග තුළ,
රාජ්‍ය සංගීත සම්මාන 5 ක් 2011, 2013, 2014, 2015 හොදම සංගීතඥයා, හොදම කණ්ඩායම් ගීතය, හොදම ජන සංගීතය ආදි විවිධ දිශානතින් ඔස්සේ ලබා සම්මාන ගත්තේය. තවද සිනමා සංගීතයට පිවිසෙමින් හොදම සිනමා සංගීතඥයා ලෙස, ලංකා Live film Awards, OCIC
සිග්නස් ආදි සිනමා උළෙල වල දී ලබාගත් අතර ලාංකේය සිනමා සංගීතය නව මානයකට යොමු කිරීම උදෙසා සමනළ සංධ්වනිය සිනමා පටයේ සංගීතය 
Trend Setter  නම් සිනමා සම්මානය 2014 වසරේ දී Hiru Golden film Awards
උළලේ දී බොලිවුඩි ජනප‍්‍රිය නිළි බිපාෂා බාසු අතින් ලබා ගත්තේය. තවද කවුරුත් දන්නෑ, ඔටුන්න හිමි කුමරු ආදි වේදිකා නාට්‍යය සංගීතය සදහා ද සම්මාන හිමි කරගෙන ඇත. එමෙන්ම ඔහු තමන්ගේ උපන් භූමිය වෙනුවෙන් කළ උත්තරීතර මෙහෙවර උදෙසාම රජරට අභිමන් ස්වර්ණ සම්මානයෙන් ද 2017 වසරේ දී පිදුම් ලැබුවේය. 2017 වර්ෂය වන විට දර්ශන රුවන් දිසානායක නම් මේ සංගීතඥයා,
සමනළ සංධ්වනිය
ප‍්‍රතිරු
ආකර්ෂා
කාල
තානාපතිලාගේ ගෙදර ආදි සිනමා නිර්මාණ පහළොවක් පමණද,
අළු බදුන
හේඩි
සිහින විලක්
රනා
ගොළු තාත්තා
සහේලි
වාමන යාමය
මද්ධහන වැනි ටෙලි සිත්තම් 34 ක් සදහා ද සංගීතය නිර්මාණය කර ඇත.

මේතරම් සියුමැලි ද කලූගල්
මගේ ගිටාරයේ
තමලිනි
ඉකිගසා හඩන
Moon light
රාවණා
The rare human of the universe වැනි ගීත නිර්මාණය කරමින් දෙස් විදෙස් ගායක ගායිකාවන් සදහා ගීත 1500 ට අධික ප‍්‍රමාණයක් ඔහුගේ සංගීතමය විඥානයෙන් නිමකරන ලදී.
තවද විශ්ව සංගීතය හා යමින් ශ‍්‍රි ලාංකේය ජන සංගීතය ද ලෝක සංගීතයෙහි ඔසවා තබමින් ලොව දීර්ඝතම බෞද්ධ කැන්ටාව ද කඩවර යාගය’ නම් ජනශ‍්‍රැතික ඔපෙරාව ද වසන්ත සංක‍්‍රාන්තිය’ ඔපෙරාව ද නිර්මාණය කළ අතර ලාංකේය රසිකයා තුළ විශ්ව සංගීතය පිළිබද හැගීම ඇති කිරීම උදෙසා ම සංයුක්ත ඔපෙරා’ වර්ගය හදුන්වා දීම ඔහුගේ තවත් වික‍්‍රමයකි.
My village, Father of water
නම් සන්ධ්වනි ද ඔහුම අතින් නිර්මාණය විය. එපමණක් නොව ඔහු දැඩි මානව හිතවාදී, පරිසර හිතකාමී කලාකරුවෙකු වන්නේය. ඒ අනුව යමින් Rhythm of the earth
සංවිධානය ආරම්භ කරමින් අයුක්තිය අසාධාරණයට එරෙහි නොයෙක් සමාජීය පාරිසරික ගැටළු හමුවේ තරාතිරම නොබලා කටයුතු කළේය. ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත් කළේය.
ඉදින් දර්ශන රුවන් දිසානායක නම් මේ සම්මානනීය ලාංකේය සංගීතඥයා කවදා හෝ ලොව ශ‍්‍රී ලාංකේය අභිමානය රදවනු ඇතැයි අප බලාපොරොත්තු සහගතව දෑස් දල්වා ගත යුත්තේය. මන්ද යත් ඔහු හුදෙක් ඔහුගේම විෂයෙහි පමණක් එල්බගත් අයෙකු පමණක් නොවන බහුවිධ ලෝක විෂයන් හි සැබෑ කියවීමත්, සංවවේදිකමක් ඥානයක් ඇති ප‍්‍රාමාණික විද්වතෙක් ද වන බැවින්ය.

දර්ශන රුවන් දිසානායක නිර්මාණකරුවාගේ නිර්මාණ භාවිතය

වචන යනු අපට සීමිතව අදහස් ප‍්‍රකාශ කල හැකි උපකරණයකි. මනසට උත්තේජන ලැබේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය ආදි ඉන්ද්‍රියන් මගින් පෙරළා ඒවාට අප ප‍්‍රතිචාර දක්වනු ලබයි. ඇමෙරිකානු මනෝවිද්‍යාත්මක සංගමය (APA)

 ප‍්‍රකාශ කරන පරිදි 10% ක් පමණක් මානවයා තම වචනවලින් ප‍්‍රකාශ කරනු ලබයි.
ඒ අනුව 90% ප‍්‍රකාශ කරන්නේ වචනවලින් පරිභාහිරවය. වචනවලින් කිව හැක්කේ 10% ක් පමණි. වාචිකව හා හඩ මගින් 50% ක් අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස ගීතය අපට හදුන්වා දිය හැකිය.
ගීතය වූ කලී හුදෙක් සංගීතය ආකෘතියක් මත රදවන වචන සමූහයක් නොව අරුතින් හා කවි ලකුණින් පෝෂිත ප‍්‍රබන්ධයක් යන අදහස තහවුරු කළ සංගීතඥයෙකු, ගීත රචකයෙකු වන දර්ශන රුවන් දිසානායක නම් මානවිය සම්පත මගින් මම තවදුරටත් පසක් කර ගතිමි. වර්තමාන ගීත ලෝකය තුලට නව මානයක් එක් කළ මොහු ඔහුගේ කුඩා කල ජීවිතයෙන් හා වසර ගණනක ජීවන අත්දැකීමෙන් ලත් පරිඥානය තම නිර්මාණ සදහා යොදාගෙන ඇත. සමාජය සියුම් උපහාසයකට මෙන්ම නැවත හැරී සමාජය දෙස, තම විඥානයට එබී බැලීමට රසිකයාව පොළඹවන, රසිකයාට යථාර්තය පසක් කරවන ගීත ඔහු අතින් නිර්මාණය වී ඇත. රසිකත්වය-රසඥතාවය වර්ධනය කළ හැක්කේ නම් මනුෂ්‍යයාගේ ජීවන දැක්ම අතිශයින් පෘථුල වේ. ඔහු සැබෑම මනුෂ්‍යයෙකු වේ.
‘කුකවියා ඔප දැමූ වටිනා කඩදාසියෙහි ලස්සන අකුරින්  "හද"  යැයි ලිවීය.
රසිකයා එය ගෙන කියවා බලා  "අපූරු කඩදාසිය විනාශ කලා" යැයි කෝපයෙන් පවසා එය ඉරා දැමීය.
එසේ ඉරා දමන ලද කඩදාසි කැබැල්ලක් අහුලා ගත් කවියා  "හද" යැයි කුරුමිණි අකුරෙන් එහි ලිවිය. එය කියවූ රසිකයා ඉදිරියේ සෙබා කිරණින් ලොව නහවන චන්ද්‍රයා මැවී පෙණිනි.’
-කේ.ජයතිලක-
කුදුගොත් රචනා (පිටුව 32)

යම් කුඩා රචනය අපට පවසන අරුත කෙතරම් ද? මනා රසඥතාවයකින් යුත් ජන සමාජය මුදුන් මුල් ලෙස දරා වැඩෙන චින්තනය අති ප‍්‍රබලය. මනා රසඥතාවයකින් යුත් ජන සමාජ චින්තනය තුළ බොරුව නොවැඬේ. එහි ඇත්තේ සත්‍යය පමණකි. නමුත් අද අප ජීවත් වන්නේ බොරුව ලියලා වැඩෙන සමාජ පසුබිමකය. බොරුවට කිරුළු පළදින සමාජයකය. එවන් සමාජයක දර්ශන රුවන් දිසානායකයන් යනු කුරුමිණි අකුරින් ඉරුණු කඩදාසි කැබැල්ලක හද කියා ලියා රසිකයා තුළ සජීවි චන්ද්‍රයෙකු හා සෙබා ගුණයන් මතු කරන්නෙකු ලෙස මම දකිමි. එයට පාදක වී ඇත්තේ ඔහුගේ කුඩා කල ඔහුට තම ගමෙන් ලැබුනු ඒ ජන සමාජ චින්තනයයි.
නිර්මාණකරුවෙකු වීම සදහා තම ජීවිතයේ කුඩා කල සිට ලත් අත්දැකීම් වයසින් මුහුකුරා යත්ම මනසින් හා මසැසින් දැකීමට මොහු පුරුදු විය. ඒ අත්දැකීම් වලින් ලත් ප‍්‍රතිභා ගුණය නැතහොත් අපූර්ව වස්තු නිර්මාණයට ඇති හැකියාව ඔහුව සංගීතඥයෙකු, ගීපද රචකයෙකු කිරීමට මග හදා ඇත. පූර්ව ජන්මයෙන් ඔහු ලැබූ වාසනා ගුණය ද පාසල් කාලයේ සිටම ලත් සතතාභ්‍යාසය ද මේ සදහා බලපා ඇති බව ඔහුගේ නිර්මාණ විමසීමේදී ප‍්‍රත්‍යක්‍ෂ වේ. සංගීත විෂය දැනුමට පමණක් කොටු නොවූ මොහු ඉතිහාසය ආදි විවිධ වූ විෂයීය දැනුම ලද්දේය. නිර්මාණයකට සමාජ ඓතිහාසික බලවේගයන්ගෙන් ඈත් වී උසස් නිර්මාණයක් කිරීමට නොහැකිය. එය ප‍්‍රත්‍යක්‍ෂ කරමින් මොහුගේ බොහෝ නිර්මාණ වලින් මිනිස් ජීවිතය අවංකවත් පැහැදිලි ලෙසත් පිළිබිඹු කෙරෙන අතර සමාජයෙහි ක‍්‍රියාත්මක වන්නා වූ විවිධාකාර බලවේගයන් ද පිළිබිඹු කරවයි. එමතු ද නොව එම නිර්මාණ පහළ වූ යුගයට අයත් මිනිසාගේ දුර්වලතා හා ප‍්‍රබලතා මෙන් ම ප‍්‍රාර්ථනා හා අපේක්‍ෂා ද ධ්වනිත කරයි. මොහුගේ සෑම නිර්මාණයක් පාසාම සමස්තාර්ථය පිළිබද සත්‍ය, මිනිසා පිළිබද පොදු වූ සත්‍ය දර්පණතලයක් ලෙස මනාව පිළිබිඹු කර ඇත. නිර්මාණයකට අවශ්‍ය වන්නා වූ ඒ නිර්මාණයට පාදක වූ අත්දැකීම්, ඒ අත්දැකීම්වල හරය, එය ප‍්‍රතිනිර්මාණය කර ඇති ආකාරය, පරිකල්පන ශක්තිය, භාෂාව, ජීවන දෘෂ්ටිය ආදි වූ මේ සියල්ල මනා ලෙස හසුරුවා ඇති වත්මන් නිර්මාණකරුවෙකු ලෙස දර්ශන රුවන් දිසානායකයන්ව හදුන්වා දිය හැකිය.
ගීතයකට පද රචනාවක් කර සංගීතයක් මුසු කල පමණින් එය ගීතයක් නොවන්නේය. නිදසුනක් ලෙස "අපි බත් කමු" ලෙස සරලව පැවසුව ද අප හුදු බත් පමණක් ආහාරයට නොගන්නා බවත් එයට විවිධ මාළුපිනි එකතුවන බවද ගම්‍ය වේ. ඉදින් ගීතයත් එවැන්නකි. ලූණු ඇඹුල් පදමට මුසු කර සාදනු ලබන වෑංජනයක් ලෙස ගීතය දැක්විය හැකිය. දර්ශන රුවන් දිසානායක නම් ඒ සංගීතඥයාගේ ගීත ද එබදු ආකාරයට පදමට ලූණු ඇඹුල් යෙදු වෑංජනයන් ලෙස මම දකිමි. ලියෝ ටොල්ස්ටෝයි රුසියන් විප්ලවයේ කැඩපත ලෙසින් ලෙනින් සදහන් කරන්නේ ඔහුගේ නිර්මාණ නිසා සමාජ යතාර්ථය මැනවින් විත‍්‍රණය වූ නිසාවෙනි. සැබැවින් ම දිසානාකයන්ගේ ගීත ද සමාජ යතාර්ථය ගැඹුරින් මතු කරන්නේය. ඒ ඔහු කලා ලෝකයේ ලත් ගැරහුම් වලින්, පිළිගැනීම් වලින්, කැපිලි කෙටිලි වලින් ලත් අත්දැකීම් වලින් ස්වයංපෝෂිත වූ නිසාවෙනි.
රුසියානු ලේඛක කොන්ස්තන්තයින් පවුස්කවුස්කි විසින් රචනා කරන ලද The golden rose  නම් කෘතියෙහි පදාර්ථය දිසානායකයන්ගේ ගේය පද හා සංගීත නිර්මාණවලට හොදම නිදසුනකි. මෙය අනුවේදනීය කතා පුවතකි. ඉතා දුකසේ රන්සුණු ස්වල්පයක් සොයා ගත් අසරණ ෂාමිට් එය රන්කරුවෙකුට දී සිය හදගත් තැනැත්තියට දීමට රන් රෝස මලක් නිමකර ගනි. මෙය නිමිත්ත කරගත් පවුස්තවුස්කි නිර්මාණයෙහි කූඨප‍්‍රාප්තිය රන් රෝසමලට සම කරයි. විවිධ මාර්ගවලින් ලබාගන්නා අත්දැකීම් රන්කරුවාගේ සාප්පුව අතු ගා එකතු වුනු කුණු ගොඩ වැනිය. දිසානායකයන් තම දුෂ්කර ජීවිත ගමන තුළ ලත් අත්දැකීම් මේ රන් කුණු හා සමානය. ඒ කුණුගොඩින් රන්සුණු ස්වල්පයක් තෝරාගෙන රන් රෝසමලක් තැනීම දිසානායකයන්ගෙන් බිහිවන ගේය පද හා ගීත වැනිය. එමගින් ඔහු සෑම විටම ඔහුගේ හද සසල කළ ඒ සියුම් හැ`ගීම්, අත්දැකීම් ස්වරවලටත්, වචනවලටත් පෙරළ ගීත නිර්මාණය කරන්නේය. දිසානායකයන් සෑමවිටම තමන් ලත් අත්දැකීම් ස්වකීය පේ‍්‍රක්‍ෂකයාට ගෙනහැර දක්වන්නේ ස්වකීය අත්දැකීම් හා සමාජය ඔහුට යොමුකරන ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙසය. එම පිළිතුරු තියුණු ආයුධයක් මෙන් පිළිතුරු බලාපොරොත්තු වන්නන්ට පිළිතුරු ද ඔහුගේ කලා මගෙහි කකුලින් ඇද බිද දැමූ කුහකයන්ට මරණීය තර්ජනයක් ලෙස ද මතුකර ඇත. එසේවීමට හේතුවන්නේ ඔහු තුල ඇති ජීවන අත්දැකීම් හා පරිකල්පන ශක්තිය පෑන් තුඩෙන් හා සප්ත ස්වර වලින් මනාව සුසංයෝග කර ඇති හෙයිනි. ඔහු සතු සරල සුමග බස් වහර තුළින් මතුවන ව්‍යංගාර්තවත් වදන් සමාජය තුළ විෂම ගැටළු මතු කරවන්නේය. පොළොන්නරු රාජධානියේ උපත ලත් ඒ අභිමානවත් මිනිසා ගීතයෙන් සමාජයට සිදුකරන මෙහෙය ව්‍යංගාර්ථවත්ව සමාජයට ගෙන එන පණිවිඩ මතු අනාගතයට මනා ආදර්ශයන්ම වන්නේය.

තෝරාගත් නිර්මාණයේ නිර්මාණාත්මක ලක්‍ෂණ
දර්ශන රුවන් දිසානායකගේ,
ඉකිගසා හඩන
ආදරෙයි මගෙ
කුවේණි
අරවින්ද ආදර ගීතය
හිගුරල කන්ද
ඔබේ බොළද
ජපුර පේ‍්‍රමය
තමලිනි
මහා රාවණා
මා සිත හැදුනා
නවතින්න බැරිනම්
මගේ ගිටාරේ
දසස් නම්
නම්තෙර ගිල්ලේ
 ආදී ගීත අතුරින් මගේ සිත ගත්  මා තෝරා ගන්නා ලද්දේ  "රාත‍්‍රියට පුළුවන්නම්" ගීතයයි.

රාත‍්‍රියට පුළුවන් නම් එකතු වෙන්න
හෙට උදේට පායන ඉර නවත්වන්න
මහ මුහුදට පුළුවන් නම් එකතු වෙන්න
ඒ මුහුදට වැටෙනා ග`ග නවත්තන්න
රූස්ස ගස් පුළුවන්නම් එකතු වෙන්න
හෙමින් වැඩෙන පුංචිම ගස් නවත්තන්න..

එලෙස හිතෙන අය ඉන්නව නම් එකතුවෙන්න
මා හදනා නව ලොව නවත්වන්න..

චතුවාටත් හැකිනම් එකතුවෙන්න
පෘථිවිතලේ මිනිසත්කම් උදුරගන්න
අකුණු හ`ඩට පුළුවන්නම් එකතුවෙන්න
යුක්ති සහගතම මිනිසුන් ගොළු කරන්න
මහගල් පර්වත හැකිනම් එකතු වෙන්න
ගලා බසින පුංචි ග`ගක් නවත්වන්න..

එලෙස සිතෙන අය ඉන්නවනම් එකතු වෙන්න
මා හදනා අලූත් ලෝකය නවත්වන්න..

කිරීටයට පුළුවන්නම් එකතුවෙන්න
ආයෙත් අසරණ නිජබිම් කොල්ලකන්න..
අතීතයට පුළුවන්නම් එකතුවෙන්න
අනාගතය සමූල ඝාතන කරන්න
සක්විති රජවරු හැකිනම් එකතු වෙන්න
මහද නැගෙන ඔහු ස්වරයට වෙඩි තියන්න..

එලෙස හිතෙන අය ඉන්නවනම් එකතුවෙන්න
මහද නැගෙන අලූත් සො`දුරු ලෝකෙට වෙඩි තියන්න.

රාත‍්‍රියට පුළුවන්නම්......

(https://www.youtube.com/watch?v=fx7ORobukCY)

ගේය පද, සංගීතය හා හඩ මුසුව යන ත‍්‍රිත්වය ම දර්ශන රුවන් දිසානායක නම් ඒ මහා සංගීතඥයාගේ ඥානය මත බිහි වී ඇත. මෙහි රූප රචනය හා සංගීතය රැුඩිකල් බවින් යුතුය. ගේය පදවල මතුපි අර්ථය ද රැඩිකල්, විප්ලවවාදී ආකාරයක් පෙන්නුව ද එහි ඇති අර්ථය ඉන් එහාගිය ව්‍යංගාර්ථයක් බව රසවිදීමේ දී තහවුරු වේ.
කිසයම් ශබ්දයක් සතු වාච්‍යාර්ථය යනු ලෝකයේ සම්මත ව්‍යවහාරය නිසා සම්මුති වශයෙන් එයට ආරෝපණය කෙරෙන අර්ථයයි. වචනවල මූලික අර්ථය වන වාච්‍යාර්ථය බොහෝ සෙයින් ස්ථාරවම පවත්නා නමුත් ව්‍යංගාර්ථය අවස්ථාව අනුවත් කලින් කලටත් වෙනස් වේ. මෙම නිර්මාණයේ ඇති වැදගත්ම ලක්‍ෂණය මෙම ව්‍යංගාර්ථවත් බවයි.
ගච්ඡු ගච්ඡුසි වෙත් කාන්ත පත්ථානඃ සන්තු ශිවඃ තෙ මමපා ජන්ම තත්‍රෛව භූයාද්‍යාතු ශතෝභවාන්
(ප‍්‍රියය, ඔබ යනවා නම් යන්න, ඔබේ ගමන යහපත් වේවා, යම් තැනක් කරා ඔබ යන්නෙහි ද එතැනට මාගේ ජන්මය ද සිදුවේවා.)
දුරු රටකට යාමට පිටත්වන තම පි‍්‍රයයාට කාන්තාවක විසින් පැවසුණු වදනකි මෙය. ඔහුගේ ගමන වැළැක්වීම ඇගේ අභිප‍්‍රාය වේ. එහෙත් ඈ ඒ වග වචනයෙන් නොපවසයි. ප‍්‍රියයා ඈ තනි කරදමා ගියහොත් ඇගේ දිවි නොරැකෙන බව අගවයි. ඇය වචනයෙන් යන්නැයි ඔහුට පවසන මුත් කවියෙන් ගම්‍ය වන්නේ නොයන්න’ යන අරුතයි.රාත‍්‍රියට පුළුවන්නම් ගීතය ද මේ හා සමාන වේ. එය ව්‍යංගාර්ථවත් අරුත්වලින් හෙබි ගීතයකි.
සොබා දහමට දැඩි ලැදියාවක් පෙන්නුම් කරන හා ඇල්මක් ඇති දර්ශන රුවන් දිසානායක මෙම ගීතය සදහා යොදාගෙන ඇත්තේ ස්වභාව සෞන්දර්ය තුළ පවතින ස්වභාවික සිද්ධීන් හා වස්තූන් ය. නමුත් ඒ ස්වභාවික වස්තූන් තුල ගැබ්ව ඇති ව්‍යංගාර්ථය බැලූ බැල්මට හෝ ගීතය ඇසූ පමණටම කෙනෙකුට නොහැෙගන දෙයකි.
මෙම ගීතය දිසානායකයන්ගේ පෑනින්ම රචනා වූයේ ඔහුගේ ජීවන අත්දැකීම් හා ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් ගැටළුවලට ඔහු තුල උපන් තරහව වචනවලට පෙරළීම නිසාවෙන් බව මෙය ගැඹුරින් නිරීක්‍ෂණය කරන විට පෙනී යන්නේය. සංගීතයේ සප්ත ස්වරය විප්ලවකාරී ලෙස යොදාගෙන තිබීම මගින් ගීතයට වඩාත් සාධාරණයක් ඉෂ්ට වී ඇත්තේ ඔහුගේ ප‍්‍රකෝපකාරී සිතුවිලි වල දැඩි බව, විප්ලවකාරී බව හා නොබිය බව මතු කරන නිසාවෙනි. මෙම ගීතයේ සංගීතය බටහිර සම්භාව්‍ය සංගීතය හා වයලීනය මගින් ලබා දෙන ඒ විප්ලවකාරී නාදය ද සොබාදහම තුළින් මතු කරගත් ස්වභාවික සන්සිද්දීන් හි වචනාර්ථයත් ගීතයේ සාර්ථකත්වය සදහා බලපා ඇත.
ගීතයේ රූප රචනය ගීතයේ අර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් වූවකි. මෙම රූප රචනය ආරම්භයත්, අවසානයත් තේරුම් ගැනීමට නොහැකි අරුත් සුන් රූප රාමු දෙකක් ලෙස පෙනුන ද රූපරාමු ද්විත්වය තුල සිටින ස්ත‍්‍රිය ආදරයේ සංකේතයක් වේ. නැතහොත් ආදරයේ රුහිරු වේ. මනුෂ්‍ය ඝාතනයක් වුවද ආදරයට වළක්වා ගැනිමට හැකි බව මෙම රූප රාමු ද්විත්වය පසක් කරන්නේය. රූප රචනය ගීතයේ අර්ථයට තරමක් ව්‍යංගාර්ථවත් අරුතක් එක් කරන්නේය.
ඒ අනුව මෙම ගීතය වාච්‍යාර්ථයෙන් ද සංගීතාර්ථයෙන් ද රූපකාර්ථයෙන් ද සුසංයෝග වූ සමාජ යතාර්ථය මතු කරවන ගීතයකි.

"රාත‍්‍රියට පුළුවන්නම්" ගීතයේ විචාරය
පොළොන්නරු නම් වූ ඒ ඓතිහාසික රාජධානියෙන් උපන්, ශ‍්‍රී ලාංකේය අභිමානය උපතින්ම තම රුධිරයේ සංසරණය වූ අපේම මිනිසෙකු ලෙස දර්ශන රුවන් දිසානායක නම් ඒ සොදුරු මිනිසාව හදුන්වාදිය හැකිය. එවන් මනුෂ්‍යයෙකුගේ නැතහොත් සොදුරු සංගීතඥයෙකුගේ ගේය පද, තනුව හා හඩ මුසු වූ ගීයක් ලෙස " රාත‍්‍රියට පුළුවන්නම්" ගීතය හදුන්වා දිය හැකිය.
ක‍්‍රි.ව. 14 හා 16 සියවස් අතර කාලයේදී යුරෝපයේ සෑම අංශයකම සිදු වූ නවෝදය පුනරුදය නම් වූ අතර එය එවකට තිබූ ප‍්‍රවේණි ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ වැඩවසම් සමාජය බිද දැමීමට සමත් විය. කොන්ස්ත්න්තිනෝපලය බිද වැටීමත් සමග ඇති වූ මෙම වෙනස සමාජයේ සෑම ක්‍ෂේත‍්‍රයක් සදහාම බලපෑ අතර එය මුළු ලොව පුරා ව්‍යාප්ත විය. පුනරුදය සම`ග බිහි වුණු කාර්මික විප්ලවය 18 වන සියවස වන විට බි‍්‍රතාන්‍යයේ ද යටත් විජිතවාදී ප‍්‍රතිඵල මත එම වෙනස්කම් ලංකාවටද නොඅඩුව ලැබුණි. එහි ප‍්‍රතිඵල ලෙස ලංකාව තුළ වතුහිමි ධනවතුන් අගත් ධනවත් මධ්‍යම පාංතිකයන් බවට පත් වූ අතර ඉඩම් අහිමි ධනවතුන් යටතේ වැඩ කළ පිරිස දාසයන් නැතහොත් සුළු පංතිය බවට පත් විය. මෙම ධනපති රදළ පැලැන්තිය අදවන විට බිද වැටී තිබුන ද එම අර්ථ ක‍්‍රමයේ සුන්බුන් තවමත් තැන තැන හොල්මන් කරන්නේ ලාංකේය සමාජයේ රදළයන් නැතහොත් ධනවතුන්, බලකාරනේ සැමවිටම අහිංසක දුප්පතා නැතහොත් දුබලයන් පාගා සිටින බව අපට සදෘශ්‍ය කරවමිනි. සමාජයේ සෑම අංශයකම මෙම ක‍්‍රමය දක්නට ලැබෙන අතර වරප‍්‍රසාද ලත් මුදල් හා බලය හිමි ධනවතා බෙලහීන දුප්පතා තම පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මායිම් නොකරන්නේය. මෙය කලා ලෝකයේ ද ඇති පොදු වූ සත්‍යයකි. දිසානායකයන් මෙම ගීතය තුළින් මතු කිරීමට උත්සාහ දරන්නේ මෙම සනාතනික වූ කලා ලොක්යේ පැතිර ඇති ආකාරයයි.
ගීතය මතුපිට පෙනෙන වචන සංගීතය රැුඩිකල්වාදී වුවද එහි වාච්‍යාර්ථය එහා ගිය මතුපිටින් නොපෙනන ගැඹුරු අර්ථයක් ඇත්තේය. ධනපතීන්ට විරුද්ධව දුප්පතා උසි ගන්වන, ධනපතීන්ට විරුද්ධව දුප්පතා රැස් කරවන විප්ලවයක් සිදු කිරීමට ගීත රචකයා අර අදින බවක් ගීය ඇසූ ගමන් කෙනෙකුගේ චිත්ත සන්තානයට දැනුන ද මෙම ගීය තුළ ඉන් එහාට ගිය ව්‍යංගාර්ථයක් මතු වේ. ධනපති පංතිය පාගා සුන්නද්ධූලි කර දැමීමට නිර්ධනයාව පෙළ ගැස්වීම මෙන්ම ඒ සදහා නිර්ධනයාට ඇති බලයය ස්වභාවික වස්තු හා සන්සිද්ධිවලට යටකර ඇත්තේය. මෙය හුදෙක් විප්ලවකාරී සටනකට පිරිස් එක්කාසු කරන විප්ලවවාදියෙකු සාමාන්‍ය පුද්ගලයෙකුගේ බුද්ධිය සුනාමියකට හසුකරමින් ඔහු තුල ඇති සියලූ ධනපතිවාදි දෘෂ්ටීන් බැහැර කර නිර්ධනයා වෙනුවෙන් ධනපති පංතියට විරුද්ධව සටන් කිරීමට පෙළඹවීම සිදු කරයි.
එබ`දු දැක්මක් ගීතය ශ‍්‍රවණය කර සැනින් රසිකයා තුළ ජනනය වීම ස්වභාවිකය. එහි රූප රචනය ද මෙම දැනීමට මහත් රුකුලක් වන්නේය. මට හැගීයන්නේ මෙය එබදු විප්ලවවාදියෙකු පිළිබද නොවූ නමුත් කලා විප්ලවවාදියෙකු පිළිබද තතු ගෙනහැර දක්වන ගීයක් බවයි.කලා ජීවිතය බිංදුවේ සිට නැතහොත් පහළම ස්ථානයේ සිට ආරම්භ කළ සංගීතඥයෙකු වන දර්ශන රුවන් දිසානායක නම් ඒ මහා විප්ලවවාදියාට කලා සමාජයේ මුදල්, බලය හිමි ධනපතින්ගෙන් තමන්ට සිදු වූ අතොරක් නැති බලපෑම්, දුක් කම්කටොළු, කැපිලි කෙටිලි වලට ඔහු තම පෑන සහ ස්වරය මෙහෙයවා ලබා දුන් මුවහත් පිහිතලයක්වන් පිළිතුරක් ලෙස මෙම ගීතය මම දකින්නෙමි.

රාත‍්‍රියට පුළුවන්නම් එකතු වෙන්න
හෙට උදයට පායන ඉර නවත්වන්න

රාත‍්‍රිය කියූ සැනෙන් කෙනෙකුගේ චිත්තාභ්‍යන්තරයේ බියක් ද තවත් කෙනෙකුගේ සිත් හි මෘදු චංචල හැගීමක් ද ජනිත වේ. රාත‍්‍රිය උදා වීම, ඉරු නැගීම මේවා විශ්ව ධර්මතාවන්ය. රාත‍්‍රිය නම් සංකල්පය එකතු වුවත් රාත‍්‍රිය මකා දමන නැගෙන සූර්යයා වැළැක්වීමට නොහැකිය. ස්වභාවධර්මයේ විශ්වයේ පවතින ධර්මතා වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකිය. ඒවා සිදු නොවන සිදුවීම්ය. ගීතය පුරාවටම මේ විප්ලවවාදියා කියා සිටින්නේ මෙම සොබාදහම හා විශ්ව ධර්මතා පිළිබදවත් ඒ හා මතුවන උට්ඨාන වීරයන් ය.

මහමුහුදට පුළුවන්නම් එකතු වෙන්න
ඒ මුහුදට වැටෙනා ගග නවත්වන්න
රූස්ස ගස් පුළුවන්නම් එකතු වෙන්න
හෙමින් වැඩෙන පුංචිම ගස් නවත්වන්න.

කුඩා ජල උල්පතකින් ආරම්භ වන ගංගාවන් කවදා කොතැනක හෝ මුහුදට වැටීම නියතියකි. මහ මුහුද නම් මහා ජලස්කන්ධයට වැටෙන ඒ ගංගාව මුහුදට එකතු වීම මුහුදටවත් නතර කිරීමට අවස්ථාවක් නැත. අතුපතර විහිදා වැඩෙන ගසක් ගැන සිතන්න. එය මීට පෙර පුංචි පැළයක්ව සිටින්නට ඇත. නමුත් ඒ පැළය විශාල ගසක්ව අතුපතර විහිදා සෙවණ සදන ගසක් බවට පත් වීම වැළැක්වීමට රූස්ස ගස්වලට පවා නොහැකිය.
ගීත රචකයා නැතහොත් විප්ලවවාදියාගේ මතය මින් ව්‍යංගාර්ථවත් වේ. කලා ලෝකයේ සිටින රූස්ස ගස් නැතහොත් රදළයන්, ධනපතීන් නිර්ධනයාව පයින් පාගා විනාශ කර දැමීමට උත්සාහ කළද මේ පුංචි ගංගාවන්, පුංචි පැළවන් ඒ ආධුනික කලාකරුවා නම් බෙලහීනයාව නැවැත්වීමට නොහැකි බලවේගයක් බව රචකයා සියුම් උපහාසයකින් යුතුව රසික හදතුල තැන්පත් කරවයි. ස්වභාවධර්මයේ සදාතනික සත්‍ය ලෙසම කලා ලෝකයේ ද ආධුනිකයා දිනක ප‍්‍රවීණයෙකු වීම වැළැක්වීමට නොහැකි බවත් එය වැළැක්වීමට ගන්නා උත්සාහය නිෂ්ඵල බවත් මින් තවදුරටත් ගම්‍ය වේ.
එලෙස හිතෙන අය ඉන්නවනම් එකතුවෙන්න මා හදනා නව ලොව නවත්වන්න
රචකයා අණ දෙන්නේය. එකතුවෙන්න බලපුළුවන් කරුවන් සියල්ලෝම, නමුත් මා ගොඩනගා ගන්නා ස්වකීය ලෝකය, නාමය ධනපතීන් වූ ඔබලාට පාගා දැමීමට නොහැකි මහා පර්වතයක් බව රචකයා නොබියව පවසන්නේය. විප්ලවවාදී අරගලයක යෙදෙන විප්ලවවාදියෙකු ලෙස කලා ලෝකයේ තමන්ට කිරීමට සිදු වූ විප්ලවය ඔහු මෙලෙස මතු කර ඇත්තේ කලා ලෝකයේ ලොකු ලොක්කන්ගේ ස්වකීය ආත්මගරුත්වය ආධුනිකයන්ගේ දෙපා මුල දිය වී යාමට ඉඩ සලස්වමින්ය.

වක‍්‍රාවාටත් හැකිනම් එකතු වෙන්න
පෘථිවිතලේ මිනිසත්කම් උදුරගන්න

මුළු විශ්වයම තැනී ඇත්තේ තාරකා සමූහයකිනි. විශ්වය පරිණාමයේ දී තාරකා විශාල ප‍්‍රමාණයක් විවිධ ස්ථානවල විවිධ කාල වකවානුවලදී සෑදී ඉදිරියේදී සෑදෙමින් පවතියි. මෙම තාරකා එකිනෙක සමීපව පිහිටා ඇත. එවැනි විශාල තාරකා පද්ධතියකින් විශ්වය සෑදී ඇත. මෙය චක‍්‍රාවාටය නම් වන අතර සූර්යයා ප‍්‍රමුඛ සෞරග‍්‍රහ මණ්ඩලය ද මෙම සමූහ තාරකා අතර පිහිටා ඇත. විප්ලවවාදියාගේ ආරධනාව අපට අහස බැලූ විට මේ පෙනෙන මුළු චක‍්‍රාවාටයම පෘථිවිය ආක‍්‍රමණය කර එහි සිටින පෘථිවිවාසීන්ගේ මිනිස්කම උදුරගන්න ලෙසටයි. නමුත් එය විය නොහැක්කකි. දිසානායකයන් නොකියා පවසන්නේ කලා ලෝකයේ මහා තාරකාවන් තමන්ගේ පිරිවර තාරකාවන් එකතු කර ගෙන තමන් යන සංගීත ගමන වැළැක්වීමට කොතරම් බාධක යෙදුව ද තමන් තමන්ගේ ගමන යන බවය.

අකුණු හඩට පුළුවන්නම් එකතු වෙන්න
යුක්ති සහගතකම මිනිසුන් ගොළු කරන්න
මහගල් පර්වත හැකිවන එකතු වෙන්න
ගලා බසින පුංචි ග`ගක් නවත්වන්න

විශ්වයේ ඇති භයානකම හඩ ලෙස අපට ශ‍්‍රවණය වන්නේ අකුණු හඩය. කෙනෙකුගේ හඩක් නැවැත්වීමට හැකි වන්නේ තවත් කෙනෙකුගේ හඩකටය. ඉදින් මේ බව මතුකරන රචකයා කියා සිටින්නේ විශ්වයේ ඇති ඒ මහා හඩට වුව ද තමන්ගේ විප්ලවවාදී, ඒ ප‍්‍රචණ්ඩ යුක්තියේ හඩ ඇති තමාවත් මනුෂ්‍යාව ගොළු කර නිහඩ කර දැමීමට නොහැකි බවයි. මහා ගල් පර්වත එකට එකතු වුවත් උල්පතකින් පැන නගින ඒ පුංචි ගංගාව පැවැත්වීමට නොහැකිය. එමෙන් ම කලා ලෝකයේ මහා ලොකු පර්වත වන කලාකරුවන්ට ඔවුන් සතු ගල් කුළුවන් සිත් වලින් මේ කුඩා දිය පහර වන් තම සංගීත දිවිය නවත්වා දැමීම කළ නොහැක්කක් බව රචකයා පවසයි. මේ සියල්ල ස්වභාවික සත්‍යයන් වේ. ඒවා නැවැත්වීමට උත්සහ දැරීමත් මහත් නිවට කමකි. ඉදින් රචකයා නොකියා පවසන්නේ කලා ලෝකයේ රදළයිනි මාගේ මේ සංගීත ගමන නැවැත්වීමට උඹලා ඔය සිදු කරන කුමන ක‍්‍රියාවක් වුවද නිෂ්ඵල ක‍්‍රියාවන් බවය. එසේ හෙයින් ඔහු පුන පුනා කියා සිටින්නේ,
එලෙස හිතෙන අය ඉන්නව නම් එකතුවෙන්න
මා හදනා අලූත් ලෝකය නවත්වන්න.
ලෙසටයි. ගීතයේ මෙම පද්‍ය පුනරුච්චාරණය වන්නේ නැවත නැවත රදළයන්ට සිදුකරන මතක් කිරීමක් ලෙසය. කුමන බාධක ආවද දිසානායකයන් යන ගමන නැතහොත් කුමන ආකාරයට ඔහුව කකුලෙන් ඇද බිම දැමීමට උත්සාහ ගත්ත ද ඒවා පෘතුගීසින්, ලන්දෙසීන් උඩරට ආක‍්‍රමණයට ගත් උත්සහයන් මෙන් ව්‍යර්ථ වන උත්සහයන් බව ඔහු පුන පුනා මතක් කර දෙන්නේය.
කිරිටයට පුළුවන්නම් එකතුවෙන්න
අයෙත් අසරණ නිජබිම් කොල්ලකන්න
අතීතයට පුළුවන්නම් එකතු වෙන්න
අනාගතය සමූල ඝාතන කරන්න.
එංගලන්තය ප‍්‍රමුඛ කිරීටයට අයත් ඒ අධිරාජ්‍යවාදීන් සෑම විටම සම්පත් බහුල නිජභූමි කොල්ලකෑවේය. අදටත් කොල්ලකන්නේය. මින් ව්‍යංගාර්ථවත් වන්නේ කලා ලෝකයේ අධිරාජ්‍ය ගොඩ න`ගා ගත් මහා කිරීටයන්ට අයත් බලපුළුවන්කරුවන් සෑම දාම අසරණ නිජබිම් කොල්ල කෑ ඒ එංගලන්ත කිරීටයන් සේ කලා ලෝකයේ නවකයන්ගේ නිජභූමි ඔවුන්ගේ සම්පත්, ඥානය කොල්ල කන බවයි. ඔවුන් ගොඩනගා ගත් ඒ අධිරාජ්‍යයට පිටස්තරයින් වද්දා ගැනීමට ඔවුන් අකමැති වන අතර එලෙස සිදුවීමට යන අවස්ථා ඔවුන් චේතාන්විතවම වළක්වා දමති. මෙය ඉතිහාසය තුළ මෙන් ම කාර්මික විප්ලවය ගොඩ නැගුණු පසු සමාජයේ ඇති වූ ඒ පංති භේදය සමාජයේ ම කොටසක් වන කලාව ද ආක‍්‍රමණය කර ඇති බව දිසානායකයන් පවසන්නේ සියුම් උපහාසයක් ද රසික හදවතට කාවද්දමිනි. කාර්මික විප්ලවය සෑම අංශයකට ම බලපා ඇති බවත් ෂෂෂ වන ලෝකයේ රටවල් වලට මින් ඇති වූ බලපෑමත් රචකයා ට ඔහුගේ පාර්ශවයෙන් මතු වූ මෙම විප්ලව ස`දහා ඔහු ලබා දුන් පිළිතුරක් ලෙසත් ඒ සමාජයේ ඇති වූ රදළකම ජය ගැනීමට ඔහු කළ අරගලයක් ලෙසත් මෙම ගීතය දැක්විය හැකිය. අතීතය නමැති පුද්ගලයෙකුගේ ඇසින් අප දකින ඉතිහාසය යැයි අප විශ්වාස කරන මිථ්‍යාවක් බදු වූ ඒ ඓතිහාසික සත්‍යටද මොහු අභියෝග කරයි. අතිතය නැමති පැරණි ප‍්‍රවිණයන් එකතු වුවත් ඒ ඉතිහාසයට තමන්ගේ අනාගතය සමූල වශයෙන් ඝාතනය කර විනාශ කර දැමීමට නොහැකි බව දිසානායකයන් නොබියව ප‍්‍රකාශ කරයි. මහා විශාල ඉතිහාසයක් හිමි පිරිසක් ලෙස උදම් අනන සියලූ දෙනාට ම ඔහු පහර ගසන්නේ ඒ ඉතිහාසය තමන්ගේ අනාගතය ඉදිරියේ සමූල ඝාතනය කළ හැකි බවයි.

සක්විති රජවරු හැකිනම් එකතුවෙන්න
මහද නැගෙන මනු ස්වරයට වෙඩි තියන්න

ගීතයේ අවසානයේ දි රචකයා තමන් සංගීතඥයෙකු බව මතු කර දක්වයි. සක්විති රජවරු එකතු වුව ද තමන්ගේ හදවත තුළ, බුද්ධිය, මනස තුළ ඇති ඒ සංගීතය නැතහොත් මනු ස්වරයට අමු අමුවේ වෙඩි තියන්න නොහැකි බව ඔහු පවසන්නේ ය. විප්ලවවාදීන් නිහඩ කිරීමට රදළයන් යොදා ගන්නේ පිස්තෝලයයි. නමුත් සංගීත විප්ලවවාදියෙකුගේ ඒ මනුෂ්‍යත්වය නම් ස්වරය නොහොත් හ`ඩට පිස්තෝලයෙන් වෙඩි තබා ඝාතනය කර නිහඩ කර දැමීමට නොහැකි බව දිසානායකයන් සියුම්ව ව්‍යංගාර්ථවත් කරන්නේ කලාවේ සහ දේශපාලන බලපුළුවන්කාරකම් මත තම කලා ගමන නවත්වා දැමීමට උත්සාහ දරන පිරිසට පිළිතුරක් ලෙසය. සාමාන්‍ය විප්ලවවාදීන් එක් උණ්ඩ පහරින් නිශ්චල කිරීමට සක්විති රජවරුන්ට හැකි වුවද සංගීත විප්ලවවාදියාගේ ඒ මනු ස්වරය වෙඩි උණ්ඩයකින් චංචල කිරීමට නොහැකි බව මින් තව දුරටත් මතු කර ඇත්තේය.
එලෙස හිතෙන අය ඉන්නව නම් එකතු වෙන්න
මහද නැෙගන අලූත් සොදුරු ලෝකෙට වෙඩි තියන්න.
ඔහු අවසන් වතාවටත් නැවත සුහද ආරාධනාවක් කරන්නේ තම සංගීත ගමන නැවැත්වීමට වුවමනා අය සිටිනවා නම් එන්න ඇවිත් තමන්ගේ ඒ ගමන නවත්වන්න ලෙසටය. රචකයා විප්ලවාදී අරගලයක ඉල්ලීම් ඉල්ලා කෑගසන චරිතයක් ලෙස නොහොත් රැඩිකල් ලෙස තම ඉල්ලීම් ඉල්ලා සිටිය ද රදළයාට අභියෝග කළ ද ඒ සියල්ල උපේක්‍ෂා සහගතව සිදු කරන බව අවසන ප‍්‍රත්‍යක්‍ෂ වන්නේය. කලා ලෝකයේ රදළ පංතියෙන් තමන් වෙත ආ ඒ තාඩන පීඩන වලට දර්ශන රුවන් දිසානායකයන් උපේක්‍ෂා සහගත බැල්මකින් ඒ රදළයන් දෙස බලා ඔවුන් වෙත දයානුකම්පාව හෙලමින් පිළිතුරු දී ඇතිවග මෙම ගීතය තුළින් මනාව පිළිබිඹු වේ. වෛරයෙන් වෛරය නොසන්සිෙද්. අවෛරයෙන්ම වෛරය සන්සිෙද් යන බුදුන් වදාළ ඒ ධර්මය අනුගමනය කරමින් තමන්ට වෛර කල කුහකකම් කළ ඒ පුද්ගලයන්ට මෛත‍්‍රියේ දෑත් දිගු කිරීම මගින් ගම්‍යමාන වන්නේ වෛරය හා කුහකකම් ඔහුගේ සංගීත ගමනට මනා රුකුලක් උපකාරයක් වූ බවයි.
දර්ශන රුවන් දිසානායක නම් ඒ සංගීතඥයාගේ සංගීත මගෙහි ඔහුට බොරු වලවල් කැපූ, ඔහුගේ පයින් ඇද බිම දැමූ, ඔහුගේ දියුණුවට අකුල් හෙළුෑ සියලූ දෙනාටම ඔහු උපේක්‍ෂාවෙන් පිළිතුරු දීමක් ලෙස මෙම ගීතය මා දක්නෙමි. ගීතයේ ඇති ස්වභාවික සිදුවීම් ස්වභාවධර්මයටවත් වැළැක්වීට ඇති නොහැකියාව මානව සමාජයේ මානවයාගේ හැසිරීම්වලට ද පොදු වූ ධර්මතාවක් බවත් මානවයා අතින් සිදුවන මෙබදු වැරදි මානවයාටවත් වළක්වා ගත නොහැකි ස්වභාවික සන්සිද්ධියක් බව දිසානායකයන් තේරුම් ගෙන ඇති බවත් ඒ දෙස උපේක්‍ෂාවෙන් බැලීමටත් ඔහු තුළ වන් ඉවසීමේ ගුණයත් මෙම ගීතය මගින් පිළිබිඹු කර ඇත.
ගීතයේ රූප රචනය ගීතයේ අර්ථය හා සසදන විට පරස්පර විරෝදී වුවද ඉන් මතු කරන්නේ ද දිසානායකයන්ගේ ගමන වැළැක්වීමට පිස්තෝලය භාවිත කිරීමට පෙළඹෙන අමනුෂ්‍යයන් ආලය හා මනුෂ්‍යත්වය නම් මානවිය ගුණාංග ඉදිරියේ මනුෂ්‍යයන් වන බවයි. මෙම රූප රචනයේ සිටින කාන්තාව ආලයේත් රුධිරයේත් සංකේතය ලෙසට යොදා ගෙන ඇති බවත් මනුෂ්‍යත්වය නම් උතුම් ගුණාංගය තුල ඇති ආලය නම් හැගීම සියලූ අභියෝග ජය ගැනීමට හේතු වන බවත් ප‍්‍රත්‍යක්‍ෂ කර ඇත. නවක පරපුර ඉදිරියට ගෙන ඒමේදී දර්ශන රුවන් දිසානායකයන්ට ඔහුගේ ක්‍ෂේත‍්‍රයේ ම ප‍්‍රාමාණික රදළ අදහස් දරන ප‍්‍රවීණයන්ගෙන් මතු වූ තර්ජන, මැරකම්, එදිරිවාදිකම් වලට ඔහු ලබා දෙන උපේක්‍ෂා සහගත සාධාරණ පිළිතුරක් ලෙස මෙම ගීතය විග‍්‍රහ කළ හැකිය.