තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ඔබ
දැනුවත් ද ?
තොරතුරු
දැනගැනීමේ අයිතිය (Right
to Information- RTI) ජනතා පරමාධිපත්‍ය මත පදනම් වූ ඕනෑම නුතන ප්‍රජාතන්ත්‍රවාදී
පාලනයක කේන්ද්‍රීය අංගයකි.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්යවස්ථාව මගින් ජනතාව
වෙත බලය පවරන අතර ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශිතවම පිළිගනී.ජනතාවට සිය නියෝජිතයන් හරහා බලය ඵලදායී
ලෙස ක්‍රියාත්මක කල හැක්කේ පාලන පද්ධතිය වගකිව යුතු සහ පාරදෘශ්‍ය වන්නේනම් පමණි.
“ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව සඳහා කරනු ලබන ජනතා පාලනයකි.”
-ඒබ්‍රහම් ලින්කන් –
ප්‍රජාතාන්ත්‍රික
පාලයන්‍යක් යනු ආණ්ඩුවේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රධානතම
කරුණවන පාලනයකි.ඒ බව උක්ත නිර්වචනයෙන් පැහැදිලි වේ.ප්‍රජාතන්ත්‍රවාදී පාලනතන්ත්‍ර
තුල පාලනයේ සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව සිය අයිතිවාසිකම් නියෝජනය කරනු පිණිස
සහ ජනතාව වෙනුවට රාජ්‍යයේ කටයුතු සිදුකිරීමට ජනතාව විසින් රාජ්‍ය නිලධාරින්
පත්කරනු ලබති.ජනතාව රාජ්‍ය නිලධාරින් වෙත මෙම බලය පවරන බැවින් එම රාජ්‍ය නිලධාරීන්
කරන කටයුතු වලට අදාළ තොරතුරු ජනතාවගේ දේපළක් වේ.එබැවින් ජනතාවට එම තොරතුරු වෙත ප්‍රවේශ
වීමට අයිතියක් තිබේ.තොරතුරු දැනගැනීමේ අයිතියේ පදනම එයයි.
තොරතුරු
දැනගැනීමේ අයිතිය තහවුරු කරන නීති මගින් ආණ්ඩුව සතු දත්ත වෙත පොදු ප්‍රවේශය තහවුරු
කරයි.මෙම නීති මගින් ආණ්ඩුව සතු තොරතුරු ඉල්ලා සිටිම අවම හෝ කිසිදු පිරිවැයක්
නොමැතිව සිදු කරගත හැකිය.තොරතුරු ප්‍රකාශ කිරීමේ සහ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමේ
වගකීමකින් ආණ්ඩුවක් බැදී සිටින බැවින් තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතැම් විට “විවෘත වාර්තා” හෝ “සන්ෂයින් නීති” (sunshine law) ලෙසද හදුන්වනු ලැබේ.
තොරතුරු
දැනගැනීමේ නිතිය යනු,ප්‍රවේශ අයිතිය හා රාජ්‍ය නිරධාරින්ගෙන් තොරතුරු ලබා ගැනීමේ
අයිතියි.මෙම අයිතිය මගින් වැදගත් අරමුණු බොහෝමයක් ඉටුකරගත හැකිවේ.
■ ප්‍රතිපත්ති සම්පාදනයේ දී මහජන
සහභාගිත්වය වැඩිදියුණු කිරීම.
■ ආණ්ඩුවේ පාරදෘශ්‍යතාව සහ වගවීම ප්‍රවර්ධනය
කිරීම.
■ රාජ්‍ය නිරධාරින් විසින් සිදු කරන දුෂණ
හා රාජ්‍ය සම්පත් නාස්තිය අවම කිරීම.
තොරතුරු
දැනගැනීමේ අයිතිය යන සන්දර්භය තුළ තොරතුරු ලෙස හදුන්වන්නේ,සාමාන්‍ය තොරතුරු නොව
නිළ තොරතුරුය.නිළ තොරතුරු යනු,රජයට සම්බන්ධ තොරතුරු වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය
පැහැදිලිව අර්ථ නිරුපනය වී ඇත්තේ හා බලාත්මක වන්නේ සිවිල් හා දේශපාලන අයිතීයක්
ලෙසටය.මෙම අයිතිය මැනවින් ආරක්ෂාවීමට මුලික අවශ්‍යතා තුනක් පිළිබඳව සැලකිලිමත් විය
යුතුය. එනම්,
1. තොරතුරු සඳහා ඇති ප්‍රවේශය
2. තොරතුරු ප්‍රසිද්ධ කිරීමට රාජ්‍ය
ආයතනවලට ඇති වගකීම
3. තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම
ශ්‍රී
ලංකාවේ නීති ක්ෂේත්‍රය තුල තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන නීති මෙන්ම
තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාකරන නිතිරිතිද දක්නට ලැබේ.තොරතුරු දැනගැනීමේ අයිතිය
ආරක්ෂා කරන නීති ලෙස,
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 14 (1) (අ) (ආ) (ඇ) (ඈ) (2) (3) වගන්තිග
1946 අංක 47
දරන නිළ ප්‍රකාශන ආඥා පනත
දැක්විය
හැකිය.තොරතුරු දැනගැනීමේ අයිතියට සිමා පනවන නිති ලෙස,
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 15(2) 15(7) 15(8) වගන්ති
1955 අංක 32
දරන නිළ රහස් පනත
1973 අංක 5
දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත
1947 අංක 25
දරන මහජන ආරක්ෂක පනත
1979 අංක 48 දරන තස්ත්‍රවාදය වැළක්වීමේ පනත
ආයතන සංග්‍රහය
දැක්විය
හැකිය.
උක්ත
නීති මගින් තොරතුරු දැනගැනීම සහතික කර තිබුණද එය භුක්ති විදීමට තොරතුරු දැනගැනීම
පිලිබඳ නීතියක් පාර්ලිමෙන්තුව විසින් සම්මත කල යුතුය.ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්
පිලිබඳ පනත 2016 අගෝස්තු මස 4 වන දින සම්මත කර ඇත. පනතේ 43 වන වගන්තිය අනුව තොරතුරු යනු මොනවාද යන්න
සදහන් වේ.ඒ අනුව තොරතුරු යන්නට පහත සදහන් ඒවායේ භෞතික ස්වරුපය හෝ ස්වභාවය නොසලකා
සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ,මාධ්‍ය නිවේදන, චක්‍ර ලේඛන, ලොග්
පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, නීති කෙටුම්පත්,
පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, ඡායාරූප, සේයාපට, ශබ්ද පටිගත කිරීම, වීඩියෝපට,
පරිගණක වාර්තා සහ වෙනත් ලේඛන ගත ද්‍රව්‍ය අදාළ වන බව සදහන් වේ.
පනතේ
5 වන වගන්තියට අනුව පොදු අධිකාරියක්
සන්තකයේ,භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම
පුරවැසියෙකුටම ඇත.ඒ අනුව,
දෙපාර්තමේන්තු
අමාත්‍යංශ
සංස්ථා ව්යවස්ථාපිත මණ්ඩල
පළාත් පාලන ආයතන
25% වඩා කොටස් හිමි රජයට හිමි සමාගම්
මහජන කාර්යක් පිලිබදව රජය සමග ගිවිසුමකට එළඹ
ඇති පෞද්ගලික ආයතන
රාජ්‍ය
නොවන සංවිධාන
වෙතින්
පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
පනතේ
27 වන වගන්තිය අනුව පහත ඕනෑම ආකාරයකින්
තොරතුරු ලබාගැනීමට ඉල්ලීම් කලහැකිය.
1. අදාළ
වැඩලලේඛන,වාර්තා අධීක්ෂණය කිරීම සදහා
2. අදාළ
ලේඛනයෙන් හෝ තොරතුරු වාර්තාවලින් සටහන්,උද්ධෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම සදහා
3. අදාළ
ද්‍රවයන්ගේ සහතික කල නිදර්ශන ලබා ගැනීම සදහා
4. එම
තොරතුරු පරිගණකයක හෝ වෙනයම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවකදී ඩිස්කට්, ප්ලොපිල,දෘශ්‍ය
කැසට් හෝ වෙනත් යම් විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිතව පිටපත් වශයෙන් තොරතුරු ලබා
ගැනීම සදහා
පනත
අනුව,
■ පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස
පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි කරන
■ රාජ්‍ය ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩභාවයට
හානිවන
■ ජාත්‍යන්තර ගිවිසුමක් හෝ බැදීමක් නිසා
හෙලිකළ නොහැකි තොරතුරු
■ හෙළිකිරීම නිසා ආණ්ඩුවේ අඛන්ඩ ආර්ථික
ප්‍රතිපත්තිවලට බාධා වියහැකි
■ පුද්ගලික වෛද්‍ය වාර්තා
■ අපරාධ වැළක්වීමට බාධාවන තොරතුරු
■ පාර්ලිමේන්තුවට අපහාසවන තොරතුරු
■ මැතිවරණ නීති මගින් තහනම් කර ඇති
තොරතුරු
■ විභාගවලට අදාළ රහසිගත තොරතුරු
■ අධිකරණයට අපහාසවන තොරතුරු
ආදී අවස්තාවලදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප
කල හැකිය.නමුත් කෙටුම්පතේ 5 (4) වගන්තියට අනුව මෙම කුමන සීමාවක් තිබුණද මහජන
යහපතෙහි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩිනම් එවැනි
තොරතුරු සඳහා වන ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතුය.යනුවෙන් සදහන් වේ.
සෑම
පොදු අධිකාරියකම තොරතුරු නිලධාරියෙකු හා අභියාචනා විභාග කිරීම සදහා නිලධාරියෙකු
පත් කල යුතුය.මිට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවක් ද
පිහිටුවිය යුතුය.එයට,
ශ්‍රී
ලංකා නිතිඥය සංගමය
ප්‍රකාශකවරුන්ගේ,
කතෘවරුන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන සහ
වෙනත්
සිවිල් සමාජ සංවිධාන
යන සංවිධාන වලින් යෝජනාවන දේශපාලඥයින්
හෝ රාජ්‍ය නිලධාරින් නොවන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරනු ලබන නිර්දේශ
මත තුන්දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබේ.මෙම
කොමිසම මගින්,තොරතුරු අයදුම් පත්‍ර පිළිබද අභියාචනා විමර්ශනය කිරීම,පනත යටතේ වැරදි
පිලිබඳ විමර්ශනය කර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම,රීති හා මාර්ගෝපදේශ නිකුත්
කිරීම මෙන්ම තොරතුරු පනත පිළිබදව මහජනතාව දැනුවත් කිරීම ආදී කාර්යන් සිදු කරනු
ලැබේ.
තොරතුරු
දැනගැනීමේ පනත මගින් මහජනතාවට මහත් ප්‍රතිලාභ ලබා ගත හැකිය.තොරතුරු දැනගැනීමේ
අයිතිය සම්මබන්ධ කටයුතු වල සාර්ථකත්වය,තොරතුරු දැනගැනීමේ අයිතියේ ප්‍රායෝගික
වටිනාකම මහජන දැනුවත්බව මත රදා පවතී.පහත උදාහරණ වලින් තොරතුරු දැනගැනීමේ අයිතියේ
ඇති ප්‍රායෝගික වටිනාකම පැහැදිලි කරගත හැකිය.
ප්‍රශ්නය - මගේ දරුවා රජයේ පාසලකට ඇතුලත් කර නොගත්තේ
මන්දැයි ප්‍රශ්න කිරීමට මට අයිතියක් තිබේද?
පිළිතුර - ඔව් බදු ගෙවන්නෙකු වශයෙන් පාසල් ළමයාට දෙන
පහසුකම්, ගුරුවරුනට ගෙවන වැටුප්,පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සදහා ලබාදීමට යන කොන්ත්‍රාත්තුව
වැනි කාරණා පිලිබදව පවා ඔබට අසා දැනගැනීමට අයිතියක් ඇත.
ප්‍රශ්නය - ගොවිතැනට අවශ්‍ය ජලය හැරවීමට ඇළ මාර්ගයක් ඉදි
කිරීම පිණිස පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කර ඇතද?
පිළිතුර - ඒ සදහා කොපමණ මුදලක් වැය කළේද? එම මුදල්වලට
සිදුවුයේ කුමක්ද? යන්න ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත.